Sunday 28th of April 2024

English Tamil
Advertiesment


ක්‍රිකට් ලොක්කන් ඩොලර් මිලියන 2ක් බැංකුවෙන් ගන්න හැදුවේ ඇයි..?


2023-11-09 2256

 

විපක්ෂ නායකවරයාගෙන් දැඩි විරෝධයක්

 

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සාමාජිකයන් නිදහස් චතුරස්‍රයේ පිහිටි ලංකා බැංකු ශාඛාවේ ඇති ගිණුමෙන් ඩොලර් මිලියන 2ක මුදලක් ලබා ගැනීමට උත්සාහ කරන බවට ක්‍රීඩා අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී බ්‍රහස්පතින්දා (09) අනාවරණය කළ අතර, එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ, පක්ෂ භේදයකින් තොරව ජනාධිපතිවරයා සමග සාකච්ඡා කර මෙම ගනුදෙණු සියල්ල තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත යුතු බවය.

මේ මුදල් ශ්‍රී ලංකාවේ ක්‍රිකට්වලට ලැබුණු මුදල් වනවා සේම එම මුදල් රට සතු වත්කමක් වන බැවින්, ක්‍රිකට් පාලක මණ්ඩලය මෙවැනි ක්‍රියා සිදු කරන්නේ කිනම් අයෙකුගේ බලය උපයෝගී කර ගෙන ද යන්න සොයා බැලිය යුතු බව ද සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.

එමෙන්ම රොෂාන් රණසිංහ අමාත්‍යවරයා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ දිගටම තැබිය යුතු බවට වූ යෝජනාවක් ඉදිරිපත් කර එම යෝජනාව සම්මත කර ගන්නා බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.

Advertiesment